Category: Sial Academy

  • Spoken English Course (ඉංග්‍රීසි භාෂා කථන පුහුණු පාඨමාලාව)

    Spoken English Course (ඉංග්‍රීසි භාෂා කථන පුහුණු පාඨමාලාව)

    ඉංග්‍රීසි භාෂාව කතා කිරීම, කියවීම, ලිවීම සහ අසා අවබෝධ කරගැනීම යන අංශ හතරම ආවරණය වන පරිදි පැවැත්වෙන පාඨමාලාවකි.

    ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම හා කතා කිරීමේ හැකියාව මැන බලා එතැන් සිට ඉදිරියට විවිධ මට්ටම් හරහා ඔබගේ අපේක්ෂිත මට්ටමට ඔබව ගෙනයාම සඳහා නිර්මාණය කරන ලද පාඨමාලාවකි.

    මෙය online හරහා සිදු කෙරෙන අතර වීඩියෝ පාඨමාලාවක් ලෙසද ලබාගත හැක.

    වීඩියෝ පාඨමාලාවේදී ඔබට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා සෑම අයෙකුටම ගුරුවරයෙක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

    ඔබට පහසු වෙලාවකදි නිදහසේ අධ්‍යයනය කර පුහුණුවීම සඳහා සජීවී පාඨමාලාවක අත්දැකීමම ලබා දෙන මෙම විශේෂ වීඩියෝ පාඩම් මාලාව හරහා ඔබට අවශ්‍ය වේලාවක ගුරුවරයකු සම්බන්ධ කරගැනීමේ පහසුකම ද ලබා දෙනුු ඇත.

    වැඩි විස්තර සඳහා විමසන්න.

  • EPS TOPIK (කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබීමට අත්‍යාවශ්‍ය තරග විභාගය)

    EPS TOPIK (කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබීමට අත්‍යාවශ්‍ය තරග විභාගය)

    කොරියානු රැකියාවක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස මෙම පරීක්ෂණය සමත්වීම සැලකේ.

    සඳහා ඔබව කෙටි කලක් ඇතුළත සූදානම් කරවන online පාඨමාලාවකි.

    පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පුහුණුව සමග ඉහළම ලකුණු ලබා ගැනීමට ඔබව මෙහෙයවන සාර්ථක පාඨමාලාවකි.

    වැඩි විස්තර සඳහා විමසන්න.

  • TOPIK (කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය)

    TOPIK (කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය)

    කොරියානු භාෂාව සහ ව්‍යාකරණ සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබා දෙන පාඨමාලාවකි.

    කොරියාව තුළ වීසා මාරු කර ගැනීමේදී දී අත්‍යවශ්‍ය තවත් සුදුසුකමක් ලබා දෙන පාඨමාලාවකි.

    වීසා මාරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නැති අය සඳහා ඉක්මනින් වීසා මාරු කර ගැනීමට උපකාරී වන පරීක්ෂණයකි.

    මෙම පාඨමාලාව තුළින් ඔබගේ කොරියානුභාෂා දැනුම ව්‍යාකරණ සමඟ ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි ලෙස නිර්මාණය කර ඇත.

    වැඩි විස්තර සඳහා විමසන්න.

  • KIIP (කොරියානු සමාජ ඒකාබද්ධ වැඩසටහන)

    KIIP (කොරියානු සමාජ ඒකාබද්ධ වැඩසටහන)

    කොරියාවේදී වැඩි වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට සහ වැඩි කාලයක් කොරියාව තුළ රැඳී සිටීමට අත්‍යාවශ්‍ය වන පරීක්ෂණයකි. මේ කෙටි කාලයක් තුළදී ඉහළම සාමාර්ථයක් ලබාදීමට හැකි පරිදි නිර්මාණය කරන ලද පාඨමාලාවකි.

    මෙම පාඨමාලාවට සම්බන්ධ වන සියලු දෙනාට වීසා උපදේශනය නොමිලේ ලබාදෙනු ඇත.

    E74, E74R, F2, F2-99, F2-R, F3, D2, D8, F5, Citizen (Korean) ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සුදුසුකමකි.

    වැඩි විස්තර සඳහා විමසන්න.

  • IELTS / PTE ඉංග්‍රීසි භාෂා හැකියාව මනින පරීක්ෂණය

    IELTS / PTE ඉංග්‍රීසි භාෂා හැකියාව මනින පරීක්ෂණය

    මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණ දෙකම ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය මනින පරීක්ෂණණ වේ.

    කොරියාවේ සිටම මෙම පරීක්ෂණ සමත් වී වෙනත් රටකට හෝ යුරෝපා රටකට යාමට අපේක්ෂා කරන ඔබ සමත් විය යුතු අත්‍යවශ්‍ය පරීක්ෂණයකි.

    මේ සඳහා ඔබගේ මූලික ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවුනද ඔබට මුල සිටම ඉංග්‍රීසි භාෂාව උගන්වා IELTS හෝ PTE පරීක්‍ෂණය ඔබට අවශ්‍ය ප්‍රතිඵලය සමඟ සමත්වීම දක්වා ඔබව මෙහෙයවනු ඇත.

    online මගින් සිදු කෙරෙන අතර කොරියාව තුළදීම විභාගය සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය සියලු මඟ පෙන්වීම සිදු කෙරේ.

    වැඩි විස්තර සඳහා විමසන්න

  • Korean Language Course (Spoken) – කොරියානු භාෂාව

    Korean Language Course (Spoken) – කොරියානු භාෂාව

    කොරියාවේ ජීවත් වීමේදී කොරියානු භාෂාව කතා කිරීමට ඇති හැකියාව ඉතා වැදගත් වේවි රැකියා ස්ථානයේ ප්‍රධානීන් සහ අනෙකුත් සේවකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමේ දී ගැනීමේදී ඔබගේ රාජකාරියේ දී සිදුවන අපහසුතා අවම කර ගනිමින් වඩා ඵලදායී ලෙස එය ඉටු කර ගැනීමටත් කොරියාව තුළදී බට අවශ්‍ය වන විවිධ සේවාවන් අපහසුතාවයකින් තොරව ලබා ගැනීමටත් මෙම භාෂාව කතා කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය සාධකයකි

    මේ සඳහා ප්‍රායෝගික පුහුණුව සහිත online පාඨමාලාවක් ලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් පාඨමාලාවකි. පාඨමාලා කාලයෙන් පසුව වුවද අවශ්‍ය අවස්ථාවලදී භාෂාව සම්බන්ධ පහසුකම් සලසා දීමද මෙම පාඨමාලාවේ විශේෂත්වයකි. වැඩි විස්තර සඳහා විමසන්න.

  • Forklift License Course (ෆෝක්ලිෆ්ට්)

    Forklift License Course (ෆෝක්ලිෆ්ට්)

    E7-4 visa ලබා ගැනීමේදී අමතර ලකුණු විස්සක් ලබාදෙන රියැදුරු බලපත්‍රය ඔබේ වැටුප ඉහළ තලයකට ගෙන යාමට ඉවහල් වන සුදුසුකමකි.

    නිත්‍යානුකූල ලෙස Forklift පැදවීමට මෙම බලපත්‍රයඅත්‍යවශ්‍ය වන අතර ඔබ යුරෝපයේ රටකට හෝ වෙනත් රටකට යාමට ඉල්ලුම් කිරීමේදී මෙම බලපත්‍රයේ ඇති අයට ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට මෙය අමතර සුදුසුකමක් වෙයි.

    මෙම පාඨමාලාව වීඩියෝ පාඨමාලාවක් ලෙස සිදු කෙරේ වැඩි විස්තර සඳහා විමසන්න.